ලෝක ජල දිනය අදයි

මාර් 22, 2024
    1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ දී යෝජනා වූ "ලෝක ජල දිනය" සෑම වසරකම මාර්තු 22 වැනි දින සමරනු ලබනවා.

    ලොව පුරා ජල හිඟයෙන් පීඩා විඳින මිනිසුන්ගේ ජල හා සනීපාරක්ෂක අර්බුධය විසඳීම වේගවත් කරමින් ජලය අරපිරිමැස්මෙන් යුතුව පරිභෝජනය කිරීමේ වැදගත්කම ලොවට පහදා දීම මෙහි අරමුණයි.

    එම නිසා භාවිතයට ගත හැකි සීමිත ජල සම්පත ආරක්ෂා කරගනිමින්, ජලය අපතේ නොහැරීමට මෙන්ම ජල සම්පතට අපද්රව්ය එක් නොකිරීමට අප සියලු දෙනා එක්ව කටයුතු කරමු.

    Latest News