උණුසුම නිසා මුහුදු ජල මට්ටම ඉහළ යෑම සීඝ්‍රවෙයි

මැයි 21, 2019

    දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුදේ ජල මට්ටම ඉහළයාම බලාපොරොත්තු වූ මට්ටමට වඩා වැඩිවිය හැකි බව, විද්‍යාඥයින් අනතුරු අඟවයි.

    ඇන්ටාක්ටිකා ප්‍රදේශයේ සහ ග්‍රීන්ලන්තයේ අයිස් දියවීමේ ශීඝ්‍රතාවය ඉහළයාම මීට හේතුවයි. විද්‍යාඥයින් මීට පෙර පැවසුවේ වසර 2100 වන විට මුහුදේ ජල මට්ටම මීටරයකින් පමණ ඉහළ යෑමේ අවදානමක් ඇති බවයි. නවතම දත්ත අනූව, එම අගය දෙගුණයක් විය හැකි බවයි, අනතුරු අඟවා සිටින්නේ. විශේෂඥයින්ගේ උපදෙස් හා නවතම අධ්‍යයනයන් මගින් මෙම තොරතුරු අනාවරණවී තිබේ.

    එමගින් මිලියන ගණනක් ජනතාව පැහැදිලිවම අවතැන් වන බව, ඔවුන් පෙන්වා දෙයි. ගෝලීය උණුසුම ඉහළයාම වැළැක්වීම සඳහා කඩිනමින් පියවර ගත යුතු බවයි, ඔවුන් අවධාරණය කර සිටින්නේ.

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 11:54

    Latest News