චීන ජනපතිගෙන් දීප්තිමත් අනාගතයට යෝජනාවක්

මැයි 16, 2019

    ආසියානු ප්‍රජාවට එකතුවී නිර්මාණය කරගත් දීප්තිමත් අනාගතයක් ගොඩ නැගීමට අදාළ යෝජනාවලියක් චීන ජනාධිපති ෂී ජින්පින් විසින් ඉදිරිපත් කර තිබේ.

    ඒ චීනයේ බීජිං නගරයේ දී ආසියානු නායකයන් අමතමින්. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම සමුළුවට එක්ව සිටියේය. මෙම සමුලුව ආසියා ශිෂ්ඨාචාර අතර සංවාද සමුළුව නමින් නම්කර තිබිණ.

    චීන ජනාධිපති ෂී ජින්පින් කියා සිටියේ, ආසියාවේ අනාගතය සඳහා සිව් වැදෑරුම් වැඩපිළිවෙළක් සකසා තිබෙන බවයි. කලාපයේ සංස්කෘතික සහයෝගිතාවන් ගොඩනැංවීමට අපේක්ෂා කරන බව චීන ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් කියා සිටියේය. ශිෂ්ඨාචාර අතර අනෝන්‍ය ගරුත්වය සහ සමාන සැළකීමේ වැදගත්කම ද චීන නායකයා පැහැදිලි කළේය.

    ආසියාතික ශිෂ්ඨාචාරයේ විවිධත්වය හා ආකර්ෂණය ප්‍රදර්ශනය කිරීමට 110කට වැඩි ගණනක් මෙම සමුළුවට එක්ව තිබිණ. සතියක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහනට විද්වත් සාකච්ජා, සංස්කෘතික උත්සව ඇතුළත්වන බවයි, සංවිධායකයන් පවසා තිබුණේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 09:09

    Latest News