උතුරු බුර්කිනෝ ෆාසෝ දේවස්ථානයට එල්ල කළ වෙඩි තැබීමෙන් 7 ක් මරුට

මැයි 13, 2019

    උතුරු බුර්කිනෝ ෆාසෝ හි ඩබ්ලෝහි පිහිටි කතෝලික දේවස්ථානයකට කඩාවැදුණු තුවක්කුකරුවන් පිරිසක් කළ වෙඩි තැබීමකින් පූජකයකු සහ එහි පැමිණ සිටි බැතිමතුන් හයදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

    ආරක්ෂක අංශ වලට අනුව තුවක්කු රැගත් 20 ත් 30 ත් අතර,  පිරිසක් දේවස්ථානයට කඩා වැදී එහි සිට බැතිමතුන් අල්ලා ගැනීමට උත්සාහ දරා ඇත.

    ඔවුහු බැතිමතුන් පස්දෙනකු ඝාතනය කර තිබේ.

    වෙඩි තැබීමෙන් පසු ඔවුන් පල්ලියටත්, අසල තිබූ සාප්පු කිහිපයකටත් තවත් කුඩා අවන්හලකටත් ගිනි තබා ඇති අතර, ඒ ආසන්නයේ තිබූ සෞඛ්‍ය මධ්‍යස්ථානයකට ගොස් එහි තිබූ සියල්ල ද කොල්ල කා ඇති බව ද පැවසේ.

    Latest News