නව රජ කුමරයා ආර්චි හැරිසන් මවුන්ට්බැට්න් - වින්ඩ්සර්

මැයි 10, 2019

    හැරී කුමරුගේ සහ මේගන් කුමරියගේ පුත් කුමරා ආර්චි හැරිසන් මවුන්ට්බැට්න් - වින්ඩ්සර් ලෙස නම් තබා ඇත.

    වින්ඩ්සර් මාලිගයේදී දෙවැනි එළිසබෙත් රැජින සහ එඩින්බරෝ ආධිපාදවරයා පුත් කුමරා දැකීමෙන් පසුව ඔවුන් ප්‍රථම වරට හැරිසන් කුමරු මාධ්‍යය වෙත පෙන්වීය.

    සිය විවාහයේ සිටම රාජකීය සම්ප්‍රදායන් බිඳ දමමින් කටයුතු කළ හැරී දරුවාගේ නම යෙදීමේදී ද එවැන්නක් කර ඇති බව සඳහන්.

    මන්දයත්, ඔහුගේ රජ පෙළපත් නාමයන් අනුව දරුවාගේ නම ආර්චි, ඩම්බර්ටන් අර්ල්වරයා ලෙස හෝ ලෝඩ් ආර්චි මවුන්ට්බැට්න්-වින්ඩ්සර් ලෙස හෝ යෙදීමට තිබුණ.

    නමුත්, ඒ වෙනුවට සරලව ආර්චි මවුන්ට්බැට්න්-වින්ඩ්සර් ලෙස පමණක් එය යෙදීමට ඔහු කටයුතු කර ඇත

     

    new babyl px 900 19 05 10.

    Latest News