උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලයි

මැයි 10, 2019

    උතුරු කොරියාව තවත් මධ්‍ය දුර මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව පවසයි.

    එරට ප්යොන්ග්යැන් අගනුවරට වයඹ දෙසින් වූ සීනෝ-රී ප්‍රදේශයේ සිට නැගෙනහිරට මෙම මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර, ඒවා කිලෝ මීටර් 420ක් සහ 270ක් දුර ගමන් කර තිබේ.

    උතුරු කොරියාව සමග සිදුකරන න්‍යෂ්ටිකහරණය සම්බන්ධයෙන් බිඳ වැටුණු සාකච්ඡා යළි ආරම්භ කිරීමේ අරමුණින් අමෙරිකාවනු නියෝජිත පිරිසක් දකුණු කොරියාවේ සංචාරය කරමින් සිටින අවස්ථාවේ මෙම අත්හදා බැලීම සිදුකර ඇත.

    කෙසේ වෙතත්, මෙය අමෙරිකාව වෙත යම් බලපෑමක් කරමින් ඔවුන් යළිත් සාකච්ඡා මේසයට ගෙන්වා ගැනීමට උතුරු කොරියාව තම යුද ශක්තිය පෙන්වන අවස්ථාවක් ලෙසට ද මෙම අත්හදා බැලීම් හැඳින්වේ.

    Latest News