ඉරානය හඬවා ලොවක් කළඹා රයිසි සමුගනී

මැයි 22, 2024
    අභාවප්රාප්ත ඉරාන ජනාධිපති ඊබ්රහීම් රයිසි මහතා ඇතුළු පිරිසට අවසන් රාජ්ය ගෞරවය දැක්වීමේ උත්සවය, අද ඉරානයේ ටෙහෙරාන් අගනුවර පැවැත්වීමට නියමිතයි.

    මෙම අවස්ථාවට රාජ්ය නායකයින්, විදේශ අමාත්යවරුන්, තානාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්ය තාන්ත්රිකයන් රැසක් සහභාගීවීමට නියමිත බව, ඉරාන මාධ්ය වාර්තා සඳහන් කරනවා.

    මිය ගිය අයගේ දේහයන්ට චාරිත්රානුකූල විශේෂිත දේවමෙහෙයක් පැවැත්වීමට ද නියමිතයි.
     
    ටෙහෙරාන් විශ්වවිද්යාල ශාලාවේ දේහයන් තැන්පත් කිරීමෙන් අනතුරුව, අවමංගල්ය පෙරහර එම පරිශ්රයෙන් ආරම්භ වී “එංගලාබ්” චතුරශ්රය වෙත ගෙන පැමිණීමට නියමිතයි.
    එහිදී, විදෙස් නායකයින් ඇතුළු පිරිස දේහයන්ට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව සැලසෙනවා.

    Latest News