යුක්‍රේනය බංකොලොත් ?

අප්‍රේ 02, 2024
    ලබන වසර මුලදී යුක්රේනය බංකොලොත් වීමේ අවදානමක් ඇති බව ලෝක බැංකුව අනතුරු අඟවනවා.

    බටහිර රටවල් සිය ණය කපා හැරීමට හෝ ප්රතිව්යුහගත කිරීමට එකඟ නොවන්නේ නම් මෙය සිදුවීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවයි විය හැකි බව ලෝක බැංකුවේ නිලධාරියෙක් පසුගියදා මාධ්ය වෙත කියා සිටියේ.

    යුක්රේනය එහි බටහිර ආධාරකරුවන්ගේ මූල්ය ආධාර මත රඳා පවතින නමුත් මෑත මාසවලදී විදේශ සහයෝගය අඩු වී ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
     
    අමෙරිකාව විසින් ලබා දීමට සැළසුම් කර ඇති ඩොලර් බිලියන 60 ක ආධාර පැකේජයද කොන්ග්රසය තුළ මේ වනවිට ඇනහිට තිබෙනවා.
     
    2025 දී බටහිර ණයහිමියන් පෞද්ගලික සමාගම් හා බැංකුවල ණය ඇතුළු යුක්රේනයේ ණය කපා හැරීම ප්රතික්ෂේප කළහොත් රට බංකොලොත් භාවයට මුහුන දිය හැකි බවයි ලෝක බැංකු නිළධාරියෙකු විදෙස් මාධ්ය වෙත පවසා ඇත්තේ.
     
    යුක්රේන රජය මේ වසරේ ඩොලර් බිලියන 43.9 ක වාර්තාගත අයවැය හිඟයක් අපේක්ෂා කරන අතර එහි බටහිර ආධාරකරුවන්ගේ මූල්ය ආධාරවලින් වැඩි කොටසක් ආවරණය කිරීමට සැලසුම් කරයි.
     
    පසුගිය වසරේ යුක්රේනයේ හිටපු අගමැති නිකොලායි අසාරොව් තර්ක කළේ යුක්රේනයේ ආර්ථික අර්බුදය බොහෝ කලකට පෙර ආරම්භ වූ බවත්, රටේ බංකොලොත් භාවය දැනටමත් වාර්තා වී ඇති බවත්ය.
     
    හිටපු අගමැති වරයාට අනුව, යුක්රේනයේ බංකොලොත් භාවය පෙන්නුම් කරන්නේ එහි අයවැයට අරමුදල් සැපයීමට ඇති නොහැකියාව තුළ එය සම්පූර්ණයෙන්ම පාහේ බටහිර ආධාර මත රඳා පවතින බැවිනි.

    Latest News