පාස්කු මෙහෙයට ගිය බසයක් පෙරළී 45 ක් මරුට

මාර් 29, 2024
    දකුණු අප්රිකාවේ පාස්කු දේවමෙහෙයක් සඳහා සහභාගීවීමේ අරමුණින් ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබෙනවා.

    ඊසාන දිග ලිම්පෝපෝ කලාපයේ මොරියා නගරයේ පැවැත්වෙන දේවමෙහෙය සඳහා සහභාගීවීමට අදාළ පිරිස ගැබරොන් සිට ගමන් කර ඇති බව වාර්තා වන්නේ.

    බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව පාලමකින් ඉවතට පැන මීටර් 50ක පමණ ප්රපාතයකට ඇදවැටී අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
    එම අනතුරින් 8 හැවිරිදි දැරියක් පමණක් දිවි බේරාගෙන ඇති අතර ඇය බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.

    Latest News