පොදු අවශ්‍යතා හඳුනාගනිමින් චීනය සමග එක්ව ක්‍රියා කිරීමට සූදානම් - ඕස්ට්‍රේලියානු අගමැති

මාර් 21, 2024

    වෙනස්කම් සහ එකඟ නොවීම් ඔස්සේ ඕස්ට්‍රේලියානු-චීන සබඳතා නිර්වචනය නොකළ යුතු බවත්, දෙරටම හැකිතාක් දුරට පොදු අවශ්‍යතා ගවේෂණය කළ යුතු බවත් ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් මහතා කියාසිටී.

    කැන්බරා නුවර සංචාරයක නිරත චීන විදේශ අමාත්‍ය වං යී මහතා සමග ඊයේ (20) පැවති හමුවේ දී ඔහු මේ බව කියාසිටියේය.  

    පසුගිය දෙවසර තුළ ඔස්ට්‍රේලියානු-චීන සබඳතා නිවැරදි දිශානතියකට යොමු ව තිබීම සම්බන්ධයෙන්  ඔස්ට්‍රේලියානු පාර්ශ්වය සතුටු වන අතර, චීනය සමග උසස් මට්ටමේ සමීප හුවමාරු පැවැත්වීමට සූදානම් බව ද අගමැතිවරයා පැවසීය.

    විවිධ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගිතා පුළුල් කිරීමට ද ඔහුගේ එකඟතාව පළ විය.

    වං යී මහතා මෙහිදී කියාසිටියේ චීන-ඕස්ට්‍රේලියානු සබඳතාවන්ට එල්ල වූ බාධක එකින් එක ජයගෙන ඇති අතර, පවතින අනවබෝධයන් නිසි ලෙස නිරාකරණය වෙමින් පවතින බවයි. 

    ඉහළ මට්ටමේ හුවමාරු ප්‍රවර්ධනය කරමින්, දෙරට අතර සංවාද යාන්ත්‍රණය නැවත ආරම්භ කිරීමටත්, සහයෝගිතා පුළුල් කිරීමටත් චීනය සූදානමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.

    මෙම හමුවෙන් අනතුරුව චීන විදේශ අමාත්‍යවරයා, ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනි පෙනී වොං මහත්මිය සමග හත්වැනි චීන-ඕස්ට්‍රේලියානු විදේශ සහ උපායමාර්ගික සංවාදයට සහභාගි වී ඇත.

    Latest News