ආරම්භයම ජයගත් පකිස්ථානුවන්

අගෝ 31, 2023

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භක තරගයෙන් දැවැන්ත ජයක් වාර්තා කිරීමට පකිස්ථාන කණ්ඩායම සමත්වුණා.

    ඒ නේපාල කණ්ඩායම ලකුණු 238 කින් පරාජය කරමින්.

    තරගය පකිස්තානයේ මුල්තාන් හිදී පැවැත්වුණා.

    පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 342 ක්.

    නායක බාබර් අසාම් ලකුණු 151 යි.

    ඉෆ්ටිකාර් අහමඩ් ලකුණු 109 ක් රැස් කළා.

    පිළිතුරු ලෙස නේපාල කණ්ඩායමට පන්දුවාර 23 යි පන්දු 4 අවසානයේ සියලු දැවී කලේ ලකුණු 104 ක් පමණයි.

    සෝමපාල් කාමි ලකුණු 28 යි.

    ශඩාබ් ඛාන් ලකුණු 27 කට කඩුලු 4 ක් දවා ගත්තා.

    තරගයෙන් පකිස්ථානය ජය ගත්තේ ලකුණු 238 කින්.

    Latest News