කැනඩාවට ලැව්ගිනි නිසා හදිසි තත්වයක්

මැයි 30, 2023

    ‍කැනඩාවේ නැගෙනහිර ප්‍රදේශයේ ලැව්ගිනි ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව, එරට බලධාරීන් පවසනවා.

    16,000කට අධික පිරිසක් එම ප්‍රදේශයෙන් මේ වන විටත් ඉවත් කර ඇති බවයි, වාර්තා වන්නේ.

    කැනඩාවේ නැගෙනහිර "නෝවා - ස්කෝෂා" පළාතේ පැතිර යමින් පවතින ලැව් ගින්න මැඩපැවැත්වීමට දුෂ්කර වී ඇති බව, එරට හදිසි සේවා අංශ පවසනවා. ඒ හේතුවෙන් එම පළාතේ "හැලිෆැක්ස්" අගනුවර සඳහා හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බවයි, වාර්තා වන්නේ. එහි සියලුම පාසල් වසා දැමීමට ද පියවර ගෙන තිබෙනවා. නිවාස රැසකට ද දැඩි හානි සිදුව ඇති බවයි, ප්‍රාදේශීය බලධාරින් සඳහන් කරන්නේ. ජීවිත හානි කිසිවක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ. දැඩි සුළං ප්‍රවාහය සහ වියළි කාලගුණය හේතුවෙන් ලැව් ගින්න ශීඝ්‍රයෙන් පැතිර යන බව, ගිනි නිවීමේ කණ්ඩායම් පවසනවා. ලැව් ගින්නෙන් හෙක්ටයාර 60 කට අධික භූමි ප්‍රදේශයක් මේ වන විට මුළුමනින්ම විනාශ වී ඇති බවයි, ඔවුන් සඳහන් කරන්නේ.

    Latest News