ඉන්දුනීසියාවේ ක්‍රීඩාලෝලීන් 129ක් තෙරපීමෙන් මරුට

ඔක් 02, 2022

    ඉන්දුනිසියාවේ පාපන්දු තරගාවලියක් අතර තුර ඇතිවූ නොසන්සුන්තාවයත් සමග සිදු වූ තෙරපීමකින් පුද්ගලයින් 129 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

    තවත් 180 ක අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ. මෙම සිද්ධිය ක්‍රීඩාංගණයක් තුළ සිදු වූ දරුණුම ව්‍යාසනයක් බවයි, එරට බලධාරින් පවසන්නේ.

    ඊයේ රාත්‍රීයේ ක්‍රීඩංගණය තුළ ඇති වූ කලහකාරි රැස්වීමක් හේතුවෙන් ආරක්ෂක අංශ විසින් කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරිමත් සමග මේ තත්වය හට ගෙන තිබේ. මෙහිදි ඇති වූ දැඩි තෙරපීම හා ස්වසන අපහසුතා හේතුවෙන් මෙසේ පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි, වාර්තා වන්‍ නේ.

    මිය ගිය පිරිස් අතර, ආරක්ෂක අංශ නිලධාරින් දෙදෙනෙකු ද සිටිනවා. පුද්ලයින් 34 දෙනෙකු ක්‍රීඩාංගණය තුළදීම මියගොස් ඇති අතර සෙසු පිරිස් රෝහල්ගත කිරීම් අතර තුර මිය ගොස් ඇති බවයි, වාර්තා ව‍න්නේ.

    ඉන්දුනිසියාවේ ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ ක්‍රීඩාංගණය තුළ ප්‍රේක්ෂක ධාරිතාවය ඉක්මවා ගොස් තිබු බවයි.

    Last modified on ඉරිදා, 02 ඔක්තෝබර් 2022 10:35

    Latest News