ඩෙන්මර්කයේ ඔමික්‍රොන් ප්‍රභේදයේ ඉහළ ව්‍යාප්තියක්

පෙබ 02, 2022

    ඩෙන්මර්කයෙන් හඳුනා ගැනුණු ඔමික්‍රෝන් ප්‍රභේදයේ උපප්‍රභේදය සෙසු සියලු ප්‍රභේදයන්ට සාපේක්ෂව ඉහළ ව්‍යාප්තියක් පෙන්නුම් කරයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ඔමික්‍රෝන් ප්‍රභේදය ද ලොව රටවල් 57කින් හඳුනා ගෙන ඇති බවයි.

    ඔමික්‍රෝන් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් මුල් වරට හඳුනා ගැනුණේ මීට සති 10කට ඉහතදී. අතිශය ඉහළ සම්ප්‍රේෂණයක් සහිත මෙම ප්‍රභේදය ලොව පුරා ප්‍රමුඛ කොරෝනා වෛරස ප්‍රභේදය බවට මේ වන විට පත්ව තිබේ. ඉකුත් සතිවල ලොවපුරා සමස්ත ආසාදිතයන් පිරිසෙන් 93%ක් ඔමික්‍රෝන් ආසාදිතයන් බවයි,ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

    කෙසේ වුවද එහි තවත් විකෘති උපප්‍රභේදයන් රැසක් මතුව තිබේ. බීඒ - 2 නමැති ඔමික්‍රෝන් උප ප්‍රභේදය ඩෙන්මාර්කයෙන් හඳුනා ගැනිණ. එරට 17,000කට වැඩි පිරිසකට මෙම උප ප්‍රභේදය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

    එන්නත්කරණයට ලක් වූවන්ට මෙම ප්‍රභේදය ආසාදනය වුවද ඇති විය හැකි සංකූලතා අවම බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

    එහිදී බීඒ-1 ආසාදනය වූ එන්නත්කරණයට ලක්වූවන්ට සාපේක්ෂව බීඒ-2 ආසාදනය වූවන් මගින් වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වීම සාපේක්ෂව අඩු මට්ටමක පවතින බව විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News