කොවිඩ් සීමා ඉවත් කළ පළමු රට ලෙස ඩෙන්මාර්කය

සැප් 14, 2021

    ඩෙන්මාර්කයේ කොවිඩ් වසංගතය මර්දන සීමා සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ. නිල වශයෙන් කොවිඩ් මර්දන සීමාව ඉවත් කළ ලොව ප්‍රථම රට බවටයි ඩෙන්මාර්කය පවසන්නේ.

    රටේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගල සංඛ්‍යාව 73%ක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එම සාර්ථකත්වය ලබාගෙන ඇත්තේ සැලසුම් කළ දින 548ක එන්නත්කරණ වැඩසටහනක් මගින්. මේ නිසා රට සාමාන්‍ය තත්වයට ගෙන ඒමට හැකි වූ බවයි බලධාරීන් පවසන්නේ.

    ජංගම දුරකථන මෘදුකාංග හා අනෙකුත් තාක්ෂණික උපකරණ භාවිතයෙන් ආසාදිතයන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ඉතා සාර්ථක කර ගැනීමට එරට සෞඛ්‍ය අංශවලට හැකිවී තිබේ.

    යළි වසංගත තත්වයේ ගැටලුකාරී තත්වයක් ඇති වුවහොත් සීමා කිරීම් පනවන බවයි එරට රජය පවසා ඇත්තේ.

    Last modified on අඟහරුවාදා, 14 සැප්තැම්බර් 2021 11:07

    Latest News