කොරෝනා එන්නත් ගෝලීය මහජන සෞඛ්‍ය නිෂ්පාදනයක් බවට පත් කරන බවට චීනය ලබා දුන් ප්‍රතිඥාව ක්‍රියාවට නැංවේ

ජන 27, 2021

    මේ වනවිට ධනවත් රටවල් 49ක් කෝ මර්දන එන්නත් මිලියන 39කට වැඩි සංඛ්යාවක් භාවිත කර ඇතත් ඌන සංවර්ධිත රටවලට එවන් එන්නත් ලැබී ඇත්තේ 25ක් පමණක් බව පසුගියදා‍ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom කණස්සල්ලෙන් පවසා ඇත.

    බටහිර රටවල් විශාල වශයෙන් කොරොනා එන්නත් මිළදී ගෙන එම එන්නත් ගබඩා කර ගනිමින් සිටී.

    ඇතැම් ලාභ අපේක්ෂාන කරන බටහිර එන්නත් නිෂ්පාදන සමාගම් ලෝක සෞඛ්‍ය සංවිධානය මඟහැර ධනවත් රට වලට එන්නත් අලෙවි කරයි.

    එවන් ක්‍රියාකලාප හේතුවෙන්, එන්නත් මිළදී ගැනීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව Tedros Adhanom පවසයි.

    බටහිර රටවල් මෙන් නොව චීනය මේ සම්බන්ධයෙන් කටයුතු කර ඇත්තේ වගකීම් සහගත රටක් වශයෙනි.

    සිය කොරෝනා ඒන්නත ගෝලීය මහජන සෞඛ්‍ය නිෂ්පාදිතයක් බවට පත් කරන බවට චීනය වචන වලින් දුන් ප්‍රතිඥාව ක්‍රියාවට නංවනු ඇත.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛත්වයෙන් යුත් කොරෝනා එන්නත් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මට චීනය එක්ව සිටින්නේ එම ප්‍රතිඥාව ඉෂ්ට කිරීමේ අදහසින්ය.

    සංවර්ධිත රටවල් විශාල පරිමාණයෙන් ‍කෝ එන්නත් මිළදී ගෙන ගබඩා කිරීම හේතුවෙන් බහුතර සංවර්ධනය වෙමින් පවතින රටවලට කළ හැකි එකම තේරීම වන්නේ චීනයේ එන්නත් භාවිත කිරීමය.

    මේ වනවිට චීනය විසින් නිෂ්පාදිත කෝ එන්නත් භාවිතය සඳහා චිලී දේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන්, ඊජිප්තුව, ‍ජෝර්දානය, තුර්කිය, ඉන්දුනීසියාව හා බ්‍රසීලය ඇතුලු රටවල් අවසර ලබා දී ඇත.

    චීනයේ එන්නත්වල සුරක්ෂිතතාව හා ඵලදායීතාව පවතින්නේ ඉහළ මට්ටමකය.

    තුර්කිය, ‍ජෝර්දානය, ඉන්දුනීසියාව සහ සීෂෙල්ස් යන රටවල රාජ්‍ය නායකයන් ප්‍රසිද්ධියේ චීනයේ එන්නත ලබා ගෙන තිබෙන්නේ එබැවිනි.

    සංවර්ධනය වෙමින් පවතින රටවලට දැරිය හැකි මිළකට එන්නත් ලබා දෙන චීනය, ගෝලීය මට්ටමින් ‍එන්නත් සාධාරණ ලෙස බෙදා ගැනීමට විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටී.

     

    සටහන -

    මෝතිලාල් හිස්සැල්ල - චීනයේ බෙයිජිං නුවර සිට

    Latest News