නවදිල්ලි නුවර සෑම දෙදෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා

ජන 27, 2021

    ඉන්දියාවේ නවදිල්ලියේ සෑම දෙදෙනෙකුගෙන් එක් අයෙකුටම කෝ වෛරසය ආසාදනය වූ බව හෙළි වේ.

    මේ මස 10වැනි දා සිට 23වැනි දා දක්වා නවදිල්ලියේ 5වන වටයේ කෝ ප්‍රතිදේහ පරීක්ෂණය සිදු කෙරිණ.

    එම පරීක්ෂණය මගින් නවදිල්ලියේ දිස්ත්‍රික්ක 280කින් නියැදි 28 දහසක් එක්රැස් කර තිබේ.

    මෙතෙක් ලද ප්‍රතිඵල අනුව පරීක්ෂණයට ලක් වූ අයගෙන් සියයට 60ක පිරිසකගේ ප්‍රතිදේහ ධනාත්මකවී ඇතැයි, එරට "ටුඩේ ඉන්ඩියා" පුවත්පත වාර්තා කරයි.

    ඒ් අනුව නවදිල්ලියේ සෑම දෙදෙනෙකුගෙන් එක් අයෙකුටම කොරොනා වෛරසය ආසාදනය වූ බව පරීක්ෂණයෙන් තහවුරුවී ඇතැයි, එම පුවත්පත සඳහන් කරයි.

     

    Last modified on බදාදා, 27 ජනවාරි 2021 12:06

    Latest News