බ්‍රසීලයේ ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් 4ක් ජීවිතක්ෂයට

ජන 25, 2021

    බ්‍රසීලයේ ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ සිදුවු ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    බ්‍රසීලයේ පැල්මාස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයින් සිව්දෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනතුරෙන් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා සහ යානයේ නියමුවා ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මෙම ක්‍රීඩකයින් තරඟාවලියක් සඳහා ගොස් ඇති අතර එහිදි සිදුකළ කොවිඩ් පරීක්ෂාවේදී ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

    ඒ හේතුවෙන් ඔවුන් යළි පැමිණෙමින් සිටින අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    අනතුරට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

    Latest News