ස්පාඤ්ඤයේ 06 වැනි පිලිප් රජුට කොරෝනා

නොවැ 24, 2020

    ස්පාඤ්ඤයේ හයවන පිලිප් රජුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    වෛරසය ආසාදිත පුද්ගලයෙකු සමඟ සම්බන්ධතා පැවැත්වීමකින් පසු දින දහයක නිරෝධායන කාලයකින් පසු සිදුකළ පරික්‍ෂාවකින් මේ බව තහවුරුවී ඇත.

    52 හැවිරිදි රජතුමා පිළිබඳ වැඩිදුර විස්තර කිසිවක් මාළිගා ආරංචි මාර්ග සදහන් නොකරන බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

    රජතුමාගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා වෙතින් කිසිදු සංකූලතාවයක් පෙන්නුම් කර නොමැති බව ද සදහන්වේ.

    වසංගතය ආරම්භ වූ දා සිට ස්පාඤ්ඤයේ රෝගීන් මිලියන 1.6 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර, මරණ 43,131 ක් වාර්තාවී තිබේ.

    Latest News