යුරෝපයට තෙවැනි කොරෝනා රැල්ලක අවදානමක්

නොවැ 23, 2020

    වෛරස ව්‍යාප්තියේ දෙවැනි රැල්ලෙන් දැඩි බලපෑම් එල්ල වූ ඉතාලියෙන් ඉකුත් පැය 24 තුළ අලුතින් ආසාදිතයන් 28,337ක් බ්‍රිතාන්‍යයෙන් 18,662 දෙනෙක් හා ප්‍රංශයෙන් 13,157ක් හඳුනාගනු ලැබීය.

    මේ අතර ලබන වසරේ මුල් භාගය වන විට කොවිඩ්-19 වසංගතයේ තුන්වන රැල්ලක් යුරෝපා කලාපය තුළ ඇති විය හැකි බවට,ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි. එහි කොවිඩ්-19 පිළිබඳ විශේෂඥවරයෙක් වන ඩේවිඩ් නබාරෝ පවසන්නේ, යුරෝපයේ මේ වන විටත් දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ්-19 දෙවැනි රැල්ල ක්‍රමවත් ලෙස පාලනයට යුරෝපා රාජ්‍යයන් අපොහොසත් වී ඇති ඇති බවයි.

    මේ අතර වෛරස ව්‍යාප්තියේ දෙවැනි රැල්ල පාලනය සඳහා වසා දැමුණු ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත දේශ සීමා යළි විවෘත කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. ඒ අනූව දැඩි සීමාවන් ක්‍රියාත්මක කෙරුණු වික්ටෝරියා ප්‍රාන්ත‍යෙන් අලුතින් ආසාදිතයන් වාර්තා නොවීම සැලකිල්ලට ගෙන මෙලෙස දේශසීමා විවෘත කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    අසල්වැසි ඉන්දියාවේ, කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට 91 ලක්ෂය ඉක්මවා ගොස් දෙනෙක් හඳුනාගනු ලැබීය. එම කාලසීමාව තුළ ඉන්දියාවේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 510ක්.

    Latest News