කොවිඩ්-19; ඒන්නත සහතික කිරීමට ජී-20 කණ්ඩායම රැස්වේ

නොවැ 22, 2020

    කොවිඩ්-19 වෛරසයට ඒරෙහිව නිපදවනු ලබන ඒන්නත් ලබා ගැනීම සහතික කිරීම සඳහා ජී-20 කණ්ඩායටම අයත් රටවල නායකයන් ඊයේ රැස්වූහ.

    වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති මෙවර ජී-20 සමුළුව සඳහා සත්කාරකත්වය සැපයුවේ සෞදි අරාබියයි. අමෙරිකා ඒක්සත් ජනපදය විසින් නිපදවනු ලබන ඒන්නත් මිලදී ගැනීම ධනවත් රටවලට පමණක් සීමා නොවන පරිදි ගෝලීය සහයෝගිතාවෙන් ලොව සෑම රටකටම ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී මූලිකව සාකච්ජා කෙරුණු බව වාර්තාවේ.

    චීනය මෙන්ම රුසියාව ද වෛරසයට ඒරෙහි ඒන්නතක් පිලිබඳව මේ වනවිට සිදු කෙරෙමින් පවතින පර්යේෂණ පිළිබඳව ද ලෝක නායකයන්ගේ අවධානය යොමුවී තිබේ.

    චීන ජනපති ෂී ජින්පිං මෙහිදී සඳහන් කලේ, වෛරසයට ඒරෙහි ඒන්නත් සංවර්ධනය මෙන්ම බෙදා හැරීම වේගවත් කිරීම සඳහා තම රජය ලොව අනෙකුත් රටවල් සමඟ පවතින සහයෝගිතාව ශක්තිමත් කිරීමට ක්‍රියා කරන බවයි.

    Latest News