බංග්ලාදේශය සමග පැවති 20 -20 ක්‍රිකට් තරගාවලිය, තරග 2-1 ක් ලෙස ජයගැනීමට අමෙරිකාව සමත් වුණා.
දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත 20-20 තරගාවලියේ ජය කොදෙව්වන් සතු වුනා.
අමෙරිකානු ගොල්ෆ් ක්‍රීඩක ග්‍රේසන් මරේ ඊයේ සිය දිවියට සමුදුන්නා.
එංගලන්තය සහ පකිස්තානය අතර තරග 4කින් සමන්විත 20-20 තරගාවලියේ දෙවන තරගය ඊයේ අවසන් වූයේ සත්කාරක එංගලන්තයට ලකුණු 23 ක ජයක් හිමි කර දෙමින්.
බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා විස්තර විචාරක මණ්ඩලය ICC ය විසින් නම් කර තිබෙනවා.
ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 24 කට හිමිකම් කියන වත්මන් ටෙනිස් ශ්‍රේණිගත කිරීම් හි ප්‍රථම ස්ථානයේ පසුවන සර්බියානු ටෙනිස් තරුව නොවැක් ජොකොවික් සිය 37 වන උපන්දිනය ඊයේ සැමරුවේ ජිනීවා විවෘත්ත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබමින්.
ඉතාලියේ පැවති "ජීටී 4" මෝටර් රථ ධාවන තරගාවලිය ජයග්‍රහණය කළ ලෝක ශූර ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව තරගය ජය ගැනීමෙන් අනතුරුව ඊයේ අලුයම ශ්‍රී ලංකාව බලා පැමිණියා.
2024 IPL තරගාවලියේ අවසන් වටයේ තවත් තරගයක් මීට සුළු මොහොතකට පෙර අවසන් වූයේ ශ්‍රී ලංකා හිටපු නායක, සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාර පිතිකරණ පුහුණුකාරිත්වය සහ අධ්‍යක්ෂ ධුරය දරණ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට අවසන් තරගය සඳහා දොර විවර කර දෙමින්.
යුරෝ 2024 සඳහා පෘතුගාල සංචිතයට නම් කර ඇති 39 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඔහුගේ 11 වැනි ප්‍රධාන ජාත්‍යන්තර තරඟාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයකු සහ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයකු වන රසල් ආනල්ඩ් ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් බහු සංස්කෘතික තානාපති වැඩසටහන සඳහා පත් කර තිබෙනවා.
සංචාරක බංග්ලාදේශය සහ අමෙරිකාව අතර තරග තුනකින් සමන්විත 20-20 තරගාවලියේ පළමු තරගයෙන් අනපේක්ෂිත පරාජයක් ලැබීමට බංග්ලාදේශයට සිදු වුනා.
ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.
2024 LPL තරගාවලියේ අද පැවැත්වුනු වෙන්දේසියේදී ක්‍රීඩකයින්ට හිමි වූ ක්‍රීඩක වටිනාකම් හා ඒ අනුව අවසන් සංචිත පහත පරිදි වනවා.
2024 IPL තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබන පළමු කණ්ඩායම කවුරුන්දැයි අද මධ්‍යම රාත්‍රියට ප්‍රථමයෙන් තීරණය කිරීමට හැකි වේවි.