ස්කොට්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 35ක ජයක්

මැයි 22, 2019

    ස්කොට්ලන්තයට එරෙහිව පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් විය. ඒ ඩක්වත් ලුවිස් න්‍යායට අනූවයි. තරගය පැවැත්වුණේ එඩින්බරෝහිදීයි.

    නුවන් ප්‍රදීප් ලකුණු 34කට කඩුලු 4ක් දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය. ඒ අනූව තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

    දෙරට අතර පළමු තරගය වර්ෂාව හේතුවෙන් නවතා දැමිණ.

    පළමුව පන්දුවට පහරදුන් ශ්‍රීලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 322ක් රැස් කළේය. අවිශ්න ප්‍රනාන්දු ලකුණු 74ක් හා නායක දිමුත් කරුණාරත්න ලකුණු 77ක් රැස් කළේය. කුසල් මෙන්ඩිස් ලකුණු 66යි.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායම 27වැනි පන්දුවාරය ක්‍රීඩා කරමින් සිටිය දී වර්ෂාවෙන් බාධා එල්ල විය. අනතුරුව තරගය අතර මග නවතා දැමීමට සිදුවිය.

    වර්ෂාවෙන් පසු යළි තරගය ආරම්භ කළේ අවස්ථාවේ දී ස්කොට්ලන්තයට පන්දුවාර 34ක දී ලකුණු 235ක ඉලක්කයක් හිමිවිය. නමුත් ස්කොට්ලන්තයට පන්දුවාර 33යි පන්දු 2ක් අවසානයේ දී සියළු දෙනා දැමී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 199ක් පමණයි.

    ඒ අනූව ඩක්වත් ලුවිස් න්‍යායට අනූව ලකුණු 35ක ජයක් 2වැනි තරගයෙන් හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

    Last modified on බදාදා, 22 මැයි 2019 08:16

    Latest News