ශ්‍රී ලංකාව කඩුලු 8ට ලකුණු 322යි

මැයි 21, 2019

    ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර, දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ස්කොට්ලන්තයේ එඩින්බර්ග්හිදී දැන් පැවැත්වේ.

    පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 322ක් රැස් කළේය. කාසියේ වාසිය හිමිකරගත් ස්කොට්ලන්ත පිලේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසියේය. ඉනිම ආරම්භ කලේ නායක දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු. ඔවුන් ආරම්භක කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 123ක්. නායක දිමුත් කරුණාරත්න ලකුණු 77යි. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 74යි. කුසල් මෙන්ඩිස් ලකුණු 66යි. ලහිරු තිරිමාන්න ලකුණු 44යි.

    ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සහභාගි වන අවසන් එක්දින තරගය මෙයයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග 2කට සහභාගිවීමට නියමිතයි. ඒ, දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව සමඟයි. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 30 වැනිදා ආරම්භ වන්නේ එංගලන්තයේදී. එය සජීව ලෙස ජාතික රූපවාහිනියේ අයි නාලිකාව ඔස්සේ විකාශය කෙරේ.

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 20:41

    Latest News