ශ්‍රී ලංකා කණ්ඩායම කුසලාන බලාපොරොත්තු සමඟින් පිටත්ව යයි

මැයි 07, 2019

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රි ලංකා කණ්ඩායම අද එංගලන්තය බලා දිවයිනෙන් පිටත්ව ගියේය.

    ක්‍රීඩකයන් 18 දෙනෙකු සහ නිලධාරීන් 09 දෙනෙකුගෙන් සමන්විත 27 ත් දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායම අද දින උදෑසන 10.20ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන්. වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මැයි 12 වැනිදා ශ්‍රි ලංකා කණාඩායම සමඟ එක්විමට නියමිත බව වාර්තාවේ.

    ලෝක කුසලාන ක්‍රීකට් තරගාවලියේ නායකත්ව අබියෝගය ජය ගැනීමට සුදානම් බව නායක දිමුත් කරුණාරත්න පවසයි. ඊට කණ්ඩායම් සියලුම ක්‍රීඩකයින්ගේ සහයෝගය තමාට හිමිවන බව ඔහු කියා සිටියි.

    අද එංගලන්තය බලා පිටත්වන ශ්‍රි ලංකා කණ්ඩායම තරගාවලිය ආරම්භයට පෙර සති 03ක පුහුණු සැසියකට සහභාගිවීමට නියමිතයි.

    ලෝක කුසලාන තරගාවලිය මැයි 30 වැනිදා ආරම්භවේ. මෙවර තරගාවලියට කණ්ඩායම් 10ක් සහභාගි වන අතර ලෝක එක්දින ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රි ලංකාව 09 වන ස්ථානයේ පසුවේ.  ශ්‍රි ලංකා කණ්ඩායමේ ප්‍රථම තරගය ජූනි පළමු වැනිදා නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි.

    මෙවර තරගාවලියේ ප්‍රථම වටයේදි සෑම කණ්ඩායමක්ම තරග 09කට මුහුණ දිය යුතුවේ. එ අනුව මුලු තරගාවලිය තරග 48 කින් සමන්විතවේ. ප්‍රථම වටයේ තරග 45 ක්ද අවසන් පුර්ව තරග දෙකක් සහ අවසන් තරගය ලෙසින් ලෝක කුසලානය පැවත්විමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර තිබේ. එය මේ මස 30 දා සිට ලබන ජුනි මස 12 දා තෙක් එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේ දී පැවැත්වීමට නියමිතය. 

    සියලු තරග ජාතික රූපවාහිනියේ අයි නාලිකාව ඔස්සේ සජිවීව විකාශය කෙරේ. 

    Last modified on අඟහරුවාදා, 07 මැයි 2019 13:43

    Latest News