රසල්ට තානාපති තනතුරක්

මැයි 22, 2024

    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයකු සහ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයකු වන රසල් ආනල්ඩ් ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් බහු සංස්කෘතික තානාපති වැඩසටහන සඳහා පත් කර තිබෙනවා.

    ඕස්ට්‍රේලියාව විසින් පත් කළ ආරම්භක තානාපතිවරුන් අතර වසීම් අක්‍රම්, මෙල් ජෝන්ස්, රවී ශාස්ත්‍රි, උස්මාන් කවාජා ඇතුළුව 53 දෙනෙක් වනවා.

    තානාපතිවරුන් පත් කිරීම එරට සංස්කෘතික ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රධාන ක්‍රියාමාර්ගයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    සිය ප්‍රජාව තුළ ක්‍රීඩාව ඇතුළු විවිධ අංශ වල ධනාත්මක වෙනස්කම් ඇති කිරීම සඳහා ගෞරවනීය නායකයින් එක් කර ගැනීම මෙම ක්‍රියාදාමයේ අරමුණයි.

    තානාපතිවරුන්ගේ ලැයිස්තුවට බොහෝ අතීත සහ වර්තමාන ක්‍රීඩකයින් මෙන්ම කර්මාන්ත සහ ප්‍රජා නායකයින් ඇතුළත් වන අතර ඔවුන් විවිධත්වය ජය ගන්නා බහු සංස්කෘතික ක්‍රියාකාරී සැලැස්මේ දක්වා ඇති ඉලක්ක වලට සහාය වනු ඇති බව එරට බලධාරීන්ගේ විශ්වාසයයි.

     

    Last modified on බදාදා, 22 මැයි 2024 13:26

    Latest News