රාජස්ථාන් Win

මාර් 25, 2024
    ඉන්දීය ප්රිමියලීග් තරගාවලියේ සිව් වැනි තරගය ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.
    ඒ, ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 20 කින් පරාජය කරමින්.
    ජායිපූර්හී ඊයේ පැවති තරගයේ, පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 193 ක් රැස් කළා. සංජු සැම්සන් නොදැවී ලකුණු 82 යි.
     
    රියන් පර්ග් ලකුණු 34 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී නවීන් උල්හක් ලකුණු 41 කට කඩුලු දෙකක් බිඳහෙලුවා.
     
    පිළිතුරු ඉනිම ක්රීඩා කළ ලක්නව් සුපර්ජයන්ට්ස් කණ්ඩායමට ලකුණු 194 ක ඉලක්කයක් තිබියදී රැස් කිරීමට හැකි වූයේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 173 ක් පමණයි. නිකොලස් පූරන් නොදැවී ලකුණු 64 යි.
     
    ලොකේෂ් රාහුල් ලකුණු 58 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ට්රෙන්ට් බෝල්ට් ලකුණු 35 ට කඩුලු දෙකක් බිඳහෙලුවා. තරගයේ වීරයා ජයග්රාහී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සංජු සැම්සන්.

    Latest News