ජැනික්ගේ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ

ජන 29, 2024

    ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව හිමිකර ගැනීමට, ඉතාලි ක්‍රීඩක ජැනික් සිනර් සමත් වුණා.

    අවසන් තරගයේදී ඔහු තරග වැදුණේ රුසියානු ක්‍රීඩක ඩැනියෙල් මෙද්වදේව් සමගයි. ඊයේ පැවති අවසන් තරගයේදී  ජැනික් සිනර් වට 3-2 ක් ලෙස ජය හිමිකර ගත්තා.

    ඔහු ‍‍ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව මෙයයි. ජැනික් සිනර් ජයග්‍රහණය කළ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය ද මෙයයි.

    Latest News