සුභ උපන් දිනයක් ධනංජය

සැප් 06, 2023

    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය සිල්වා අද සිය 32 වන ජන්ම දිනය සමරනවා.


    2015 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලද ධනංජය එක්දින, T20, ටෙස්ට් ශෛලීන් 3න්ම ශ්‍රී ලංකාවට නැතුවම බැරි ක්‍රීඩකයෙක්.
    ටෙස්ට් තරග 51 කදී ශතක 10ක් සමග ලකුණු 3301ක් සහ කඩුලු 34ක්, එක්දින තරග 78 කදී ලකුණු 1659 කඩුලු 44ක් සහ T20 තරග 39 කදී ලකුණු 731 සමග කඩුලු 13 ක් බිඳ හෙලමින් ජාත්‍යන්තර තරග බිමේ දස්කම් දක්වා තිබෙනවා.
    මීට අමතරව ජාත්‍යන්තර පිටියේ උඩ පන්දු 119ක් ද රැක ගනිමින් පන්දු රැකීමෙන්ද පිටියේ නැතුවම බැරි ක්‍රීඩකයෙක්.
    ඊයේ අවසන් වූ ආසියානු කුසලාන තරගාවලි‍යේ ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර තරගයේ දී අවශ්‍යම මොහොතේ පන්දුවෙන් ක්‍රියාත්මක වූ ධනන්ජය නිලකුණු පන්දුවාරයක් සමගින් කඩුලු 2ක් දවා ගනිමින් සටන්කාමී ජයක් වෙත කණ්ඩායම රැගෙන යාමට දායක වූවා.
    ඔබට නිදුක් නිරෝගී සුබ උපන් දිනක් වේවා!!!

     

    Latest News