රැජිණගේ රටේ වාර්තා අලුත් කළ අපේ ක්‍රීඩිකාවෝ

සැප් 03, 2023

    එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ඓතිහාසික 20-20 තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

    ඒ, ඊයේ පැවති දෙවැනි 20-20 ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජය ගනිමින්.

     

    එංගලන්තයේ චෙල්ම්ස් ‍ෆර්ඩ් හිදී තරගය පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 104 ක්. චාලි ඩීන් ලකුණු 34 යි. පන්දු යැවීමේදී උදේෂිකා ප්‍රබෝදිනී, ඉරෝෂි ප්‍රියදර්ශනී, ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් දවා ගත්තා.

     

    පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 13 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 110 ක් රැස් කරමින්. තම 8 වැනි 20-20 අර්ධ ශතකය වාර්තා කළ චමරි අතපත්තු ලකුණු 55 යි. හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 30 ක් සහ විශ්මී ගුණරත්න නොදැවී ලකුණු 18 ක් රැස් කළා.

    ශ්‍රී ලංකාව කඩුලු 8 කින් තරගය ජය ගත් අතර, එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 20-20 තරගය ජය ගත් පළමු අවස්ථාව මෙයයි.

     

    Latest News