යාදෙව්ගෙන් සුපිරි ශතකයක්

මැයි 13, 2023

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර තරගයෙන්, ලකුණු 27 ක ජයක් හිමිකර ගැනීමට, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

    තරගය ඊයේ පැවැත්වුණේ, ඉන්දියාවේ වෙන්කඩේ ක්‍රීඩාංගණයේදී. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළ කඩුලු 5 කට ලකුණු 218 ක් රැස්කළා. ප්‍රවේගකාරී පිති හරඹයක නිරත වෙමින්, සූර්ය කුමාර යාදෙව් පන්දු 49 කදී, නොදැවී ලකුණු 103 ක් රැස්කළා. ඊට හයේ පහර 6 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් වුණා.

    පන්දු යැවීමේදී රෂීඩ් ඛාන් කඩුලු 4 ක් දවාගත්තා. ලකුණු 219 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ මුල් පෙළ කඩුලු අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට මුම්බායි පන්දු යවන්නන්ට හැකි වුණා. කෙසේ වෙතත් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රෂීඩ් ඛාන්, පන්දු 32 කදී ලකුණු 79 ක් ලබාගත්ත ද තරගයේ ජය මුම්බායි කණ්ඩායමට හිමිවුණා. පන්දු යැවීමේදී ආකාශ් මද්වාල් කඩුලු 3 ක් දවාගත්තා. තරගයේ වීරයා මුම්බායි කණ්ඩායමේ සූර්ය කුමාර් යාදෙව්.

    Latest News