තරගයේ වීරයා මතීෂ

මැයි 07, 2023

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊ‌යේ (07) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුළු 6ක ජයක් ලැබීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

    මෙම තරගයේ තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට මතීෂ පතිරණ සමත් වුණා.

    මතීෂ පන්දුවාර 4ක් යොමු කරමින් ලකුණු 15ක් පමණක් ලබාදෙමින් මුම්බායි පිලේ වටිනා කඩුළු 3ක් දවා ගත්තා.

    තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කිරීමට චෙන්නායි පන්දු යවන්නන්ට හැකිවුණා.

    මුම්බායි කණ්ඩායම ‍නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08කට ලකුණු 139ක් රැස් කළා. නිහාල් වෙදේරා ලකුණු 64යි.

    ලකුණු 140ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 04 ක් අවසානයේ කඩලු 06 ක් අතැතිව ජය හිමිකරගත්තා. ඩෙවෝන් කොන්වේ ලකුණු 44 යි.

    Latest News