ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් අතර තරගය අද

සැප් 30, 2022

    රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සහභාගී වන දෙවැනි අවසන් පූර්ව තරගය අද පස්වරු 7.30 ට ආරම්භ කිරීමට නියමිතයි.

    තරගය, පැවැත්වෙන්නේ, ඉන්දියාවේ රායිපූර් හිදී. එය, රූපවාහිනී අයි නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කෙරෙනවා.

    ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති ප්‍රථම අවසන් පූර්ව තරගයෙන් කඩුලු 5 ක ජයක් හිමි කර ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව, ඉන්දියාව, හෙට පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තා. අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම හෙට ඉන්දියාව සමග තරග වඳිනු ඇති.

    Latest News