ජස්ප්‍රිට් බුම්රාගෙන් ලෝක වාර්තාවක්...

ජූලි 03, 2022

    ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එක් පන්දු වාරයකදී පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායමේ නායක ජස්ප්‍රිට් බුම්රා සමත්ව තිබෙනවා.

    ඒ, එංගලන්තය සමඟ පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගයේදී. තරගය පැවැත්වෙන්නේ, බර්මින්හැම්හිදී. තරගය දෙවැනි දිනය සඳහා ආරම්භ කරන විට ඉන්දියාව පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 338ක් ලබා සිටියා. ඔවුන්ගේ පළමු ඉනිම සීමා වුණේ, ලකුණු 416කට. ඊයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් යැවූ 84වන පන්දු වාර්යේදී ලකුණු 35ක් රැස්කර ගැනීමට ජස්ප්‍රිට් බුම්රා සමත්වුණා. එම පන්දු වාරයේදී බුම්රා විසින් හතරේ පහර 4ක් සහ 6 පහර දෙකක් එල්ල කිරීම විශේෂත්වයක්.

    ඊට අමතරව වයිඩ් පන්දුවක් සමඟ අතිරේක ලකුණු 5ක්, නිපන්දුවකින් ලැබුණු එක් ලකුණක් සහ පිත්තෙන් රැස් කළ එක් ලකුණක් එම පන්දු වාරයේදී වාර්තා වුණා. ජස්ප්‍රිට් බුම්රා බිද හෙලුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා විසින් එක් පන්දු වාරයකදී ලකුණු 28ක් ලබා ගනිමින් පිහිටුවා තිබූ වාර්තාවයි.

    Latest News