ශ්‍රී ලංකා කණ්ඩායම 113/1යි; අසලංකට ටෙස්ට් වරම්....

නොවැ 29, 2021

    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණා.

    දිනය නිමාවන විට පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 113ක්. ඊ‍යේ රාත්‍රී සිට ගාල්ල ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය අද ආරම්භ කෙරුණේ, පස්වරු 3.00ට. ශ්‍රී ලංකාව වෙනුවෙන් චරිත් අසලංක අද ටෙස්ට් වරම් හිමිකර ගත්තා. ඔහු ටෙස්ට් වරම් දිනූ මෙරට 157 වැනි ක්‍රීඩකයායි.

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන්ම පන්දුවට පහරදීමට තීරණය කළා. දිමුත් සහ පැතුම් නිස්සංක ආරම්භ කඩුල්ලට සාර්ථක සබඳතාවක් ගොඩනැගුවා. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 106ක් ලෙස සටහන් වෙද්දී, පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 42ක් රැස් කළ දිමුත් කරුණාරත්නයි. දිනය නිමාවන විට පැතුම් නිස්සංක නොදැවී ලකුණු 61ක් ලබා සිටියා.

    Latest News