අබුඩාබි ටී-10; වනිඳුගෙන් ඉහළ දක්‍ෂතා....

නොවැ 28, 2021

    අබුඩාබි ටී-10 ක්‍රිකට් තරගාවලියේ ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඉහළ දක්‍ෂතා දක්වමින් සිටිනවා.

    දිල්ලි බුල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයේදී ලකුණු 13කට කඩුලු 2ක් ලබාගත් වනිඳු තරගයේ වීරයා සම්මානය දිනාගත්තා. තරග 7කට ක්‍රීඩා කර ඇති වනිඳු හසරංග තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්ව සිටින්නේ කඩුලු 13ක් දවා ගනිමින්. ලකුණු 12කට කඩුලු 4ක් ලබාගැනීම තරගාවලියේ ඔහුගේ හොඳම පන්දු යැවීමයි.

    Latest News