ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ශතකයක්

ජන 22, 2021

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර, දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.

    තරගය පැවැත්වෙන්නේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. තරගය ආරම්භ කරමින් පිටියට පිවිසියේ ලහිරු තිරිමාන්න සහ කුසල් ජනිත් පෙරේරා. පළමු කඩුලු දෙක ලකුණු පුවරුව 7ක් තිබියදී බිඳ වැටිණ. නායක දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 117ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වූහ.

    චන්දිමාල් දැවීගියේ ලකුණු 52ක් ලබා සිටියදී. දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 229ක් රැස් කරගෙන සිටී. ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11 වැනි ශතකය ද සමඟ නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 107ක්. හෙට තරගයේ දෙවැනි දිනයයි.

    Latest News