ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් 3ට කොවිඩ්

නොවැ 18, 2020

    ශ්‍රී ලංකාවේ සිටින මුල් පෙළේ පාපන්දු දැල් රකින්නෙකුට සහ තවත් පාපන්දු ක්‍රීඩකයන් කිහිපදෙනකුට කොරෝනා ආසාදනයවී ඇති බව වාර්තා වේ.

    ආරක්ෂක අංශ දෙකක් යටතේ තරග වදින සහ පාපන්දු ජාතික කණ්ඩායමේ නියෝජනය කරන ක්‍රීඩකයන් 3 දෙනකුට මෙලෙස කොරෝනා අසාදනය වී ඇති අතර ඉන් දෙදෙනකුම දැල් රකින්නන් බවට විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි.

    අදාළ සියලුම ක්‍රීඩකයන් මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති අතර සියලු දෙනාම හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව සඳහන් වේ.

    මීට ඉහතදී ජාතික මට්ටමේ පැසිපන්දු ඇතුළු ක්‍රීඩකයන් දෙදෙනකුට, රග්බි ක්‍රීඩකයකුට සහ දැල්පන්දු ක්‍රීඩිකාවකට මෙලෙස කොරෝනා ආසාදනය වූ අතර ඒ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වනවිට සුව අතට පත්ව ඇති බවට වාර්තා වේ.

    Latest News