IPL; මුම්බායි ඉන්දියන්ස් අවසන් තරගයට

නොවැ 06, 2020

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.

    ඒ, ඊයේ පැවති තරගයේදී, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කරමින්.

    තරගය පැවැත්වු‍ණේ, ඩුබායිහිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 200ක් රැස් කළේය.

    ඉෂාන් කිෂාන් නොදැවී ලකුණු 55යි. සූර්ය කුමාර් යාදේව් ලකුණු 51යි. කුවින්ටන් ඩි කොක් ලකුණු 40යි. පන්දු යැවීමේදී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3ක් බිඳ හෙළිය.

    පිළිතුරු ලෙස දිල්ලි කැපිටල් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකිවුණේ, ලකුණු 143ක් පමණයි. මාකස් ස්ටොයින්ස් ලකුණු 65ක් සහ ඇක්සර් පටෙල් ලකුණු 42ක් රැස් කළේය.

    පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 14කට කඩුලු 4ක් බිඳ හෙලීය.

    මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගය ජයගත්තේ, ලකුණු 57කින්.

    ජයග්‍රාශී කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධනයි.

    Latest News