මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමක් අද සිදු වුණා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පුද්ගලික පැමිණිල්ලේ විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන නියෝගය ලබන 14 වනදා පෙරවරු 9.30 ට ප්‍රකාශයට කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කල මොහොමඩ් ඉන්සාෆ් නමැත්තා සමග එක්ව නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පිපිරුම් උපක්‍රම 21 ක් නිෂ්පාදනය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා භාර දුන්නා.

මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහි නඩුවේ "පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ" සදහා අගෝස්තු මස 04 වනදා කැදවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගෙ පියා වන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් සහ තවත් විත්තිකරුවකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කළ හස්තුන් නමැත්තාගේ බිරිඳ වන පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ ඩී.එන්.ඒ හඳුනා ගැනීම සඳහා සිරුරු කොටස් ගොඩගැනීමට නියමිත බව වාර්තාවේ.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් හා සදාකාලික ආබාධිත වූවන් විසින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන නඩු 109 ක් සම්බන්ධයෙන් උත්තර ගොනු කිරීම සඳහා එහි විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසක් වෙත කොළඹ දිසා අධිකරණය විසින් අවසන් වරට දිනයක් ලබා දුන්නා.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැර හැර සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා.

තමන්ව අත්අඩංගුවට ගැනීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැදි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම පාර්ලිමේන්තුවට භාර දෙයි.

Latest News