වැල්ලම්පිටිය OICට ගාල්ලට මාරුවක්

මැයි 22, 2019

    වැල්ලම්පිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති ජී.එස්.හේවාවිතාරන මහතා ගාල්ල කොට්ඨාසය වෙත මාරු කර යවා තිබේ.

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මෙම ස්ථාන මරුවීම ලබාදී ඇති බවයි, පොලිස් මූලස්ථානය පවසන්නේ. 

    ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ බෝම්බ ප්‍රහාරක මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෂාෆ් අහමඩ්ට අයත් බව කියන වැල්ලම්පිටිය තඹ කර්මාන්ත  ශාලාවේ සේවකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කිරීම සම්බන්ධ පරීක්ෂණවලට අදාළව මෙම මාරුකිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

    Last modified on බදාදා, 22 මැයි 2019 11:35

    Latest News