වාහන කොටස් ගෙන්වා කළ කෝටි ගණනක වංචාවක් එළියට

මැයි 22, 2019

    ආනයන නීතිරීති පටහැනිව හොරෙන් ආනයනය කළ වාහන කොටස් ගෙන්වා එකළස් කරමින් සිදුකරගෙන ගිය රුපියල් කෝටි ගණනක වංචාවක් බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාශ විශේෂ අපරධ විමර්ශන අංශය විසින් අනාවරණය කර ගෙන තිබේ.

    හාලිඇල ප්‍රදේශයේ පදිංචි සැකකරු ජපානයේ සිට හිතවතෙකු මාර්ගයෙන් ගෙන්වන ලද සුඛෝපබෝගී මෝටර් රථ වෙළඳපලේ පවතින මිලට වඩා අඩු මුදලකට ලබාදෙන බවට පොරොන්දු වී තිබේ.පසුව මුදල් ලබාගෙන ඒවා ආනයනය කරන තෙක් භාවිතා කරන්නැයි ලියාපදිංචි නොකල වාහන ලබා දී ඇතැයි විමර්ශනවල දී හෙළිව තිබේ.

    එවැනි මෝටර් රථ 4ක් මේවන විට අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.මීට අමතරව සැකකරු තවත් ප්‍රදේශ ගණනාවක දී මෙලෙස රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර තිබේ. ඒ සඳහා ලියාපදිංචි කර ඇති ෆීනෑන්ස් ගෙවීම පැහැර හරිනලද කුඩා වාහන කීපයක් ද භාවිතා කර තිබූ බව අනාවරණය වී ඇත.

    වෛද්‍යවරු,ඉංජිනේරුවරු සහ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් මෙම වංචාකරුට හසුවී ඇති අතර බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත බණ්ඩාරවෙල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බදාදා, 22 මැයි 2019 10:48

    Latest News