ඇලහැර මහාපරිමාණ නිධන් ජාවාරම පිටුපස ප්‍රබලයන් රැසක්(ඡායාරූප)

මැයි 22, 2019

    බකමූණ,ඇලහැර,කුමාරඇල්ල ප්‍රදේශයේ  වසර තුන හමාරක් තිස්සේ  නිදහන් ගැනීම සඳහා කැණීම් සිදුකළ ස්ථානයක් වටලා සැකකරුවන් හත් දෙනෙක් හා උපකරණ රැසක් අත්අඩංගුවට ගනු ලැබීය. වැටලීම සිදුකළේ  දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (21) රාත්‍රී.

    වසර තුනහමාරක පමණ කාලයක සිට දිවයිනේ ප්‍රබල පුද්ගලයන් රැසක් සහ සම්බන්ධ වී  ඇතැම්  රාජ්‍ය නිලධාරීන්ගේ අනුග්‍රහය ඇතිව මෙම ස්ථානයේ   විශාල කළුගලක් බිඳ අඩි 60ක පමණ ගැඹුරට දෝණාවක් හාරා නිධන් සොයා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ පරීක්ෂණයේදී හෙළිවිය.

    ආහාර නිශ්පාදන ආයතනයක් සහ පානීය වතුර බෝතල් නිෂ්පාදනය කරන ආයතනයක් මුවාවෙන් මෙය පවත්වාගෙන ගොස් තිබේ. දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත එම ස්ථානයට යන විටත් එහි සේවකයන්  විශාල කළු ගලින් සැදුණු මහ පොළොව යට උමගයක්  තුළ වැඩ කරමින් සිට තිබේ.

    අත්අඩංගුවට පත්වූවන්  අනුරාධපුරය,කිතුල්ගල, නිවිතිගල,රත්නපුර හා ඇලහැර  ආදී ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.මෙම ස්ථානය වැටලීම සමඟ එහි සිටි එක් සැකකරුවෙකු දෙමහල් නිවසක් තුළ වැසිකිළියක  පැය හතරක කාලයක් සැගවී සිටියදී  පසුව සොයා ගැනිණ.ඔවුන් සතුව තිබී ගල් විඳීමට ගන්නා  අවි ආයුධ ගල් පුපුරවා හැරීම සඳහා උපයෝගී කරගන්නා වෙඩිබෙහෙත් අදාල  වයර් පහන් පුජා භාණ්ඩ  ආදී භාණ්ඩ රැසක් සොයා ගැනිණ.

    රාජ්‍ය ලාංඡනය ඇතිව ආහාර සැකසුම් කලාපයක් ලෙස දැන්වීම් පුවරු  ප්‍රදර්ශනය කොට  වෙනත් අයෙකුට ඇතුළුවීම තහනම් යනුවෙන් දැන්වීම් සවිකර රජයේ ඉඩමක මෙම ආයතනය පවත්වාගෙන යන මුවාවෙන් නිධන් හාරන බවට ප්‍රදේශවාසීන් බකමූණ පොලිසියට පුරාවිද්‍යා අංශවලට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට දැනුම් දුන් බව පවසයි.  එහෙත්  කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත්,  ප්‍රදේශවාසීන්ට දැඩි තර්ජන එල්ල කළ බවත් ඔවුන් ප්‍රකාශ කරයි.  

    දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එම්.බි.එම්. ජේ.එස්. බණ්ඩාර මහතාට දැනුම් දීමෙන් පසු මෙම වැටලීම සිදුකර තිබේ. නිධාන ලබා ගැනීම සඳහා  අවසාන දින දෙක තුළදී  වැටලීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

    සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී හා  ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී මෙම ජාවාරමේ  සිටින රජයේ නිලධාරීන්, ප්‍රබල ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකුගේ නම් හෙළිව තිබේ.ඒ අනුව ජාවාරම්කරුවන් අතර පැවැති දුරකථන සංවාද රැසක් පොලිස් විශේෂ කාර්ය බලකාය  භාරයට  ගැනිණි. ඒවාට සවන්දීමේ දී  එහිදී පුරාවිද්‍යා නිලධාරීන්ගේ නම් පොලිස් නිළධාරීන්ගේ නම් රැසකගේ හෙළිවී තිබේ.

    එමෙන්ම පොළොන්නරුව ප්‍රදේශයේ මෙම කණ්ඩායම තවත් නිදනයක් ලබා ගත් ආකාරය ද දුරකථන සංවාදවල දී අනාවරණය වූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියි. බකමූණ, කුමාරඇල්ල පුරාවිද්‍යා රක්ෂිතය පැරණි අතීතයේ සිට බෞද්ධ සිද්ධස්ථාන රැසක් පැවති ස්ථානයකි.

    nidahan 02jpg

    nidahan 01

    nidahan 03jpg

    nidahan 04jpg

    nidahan 05jpg

     

    Last modified on බදාදා, 22 මැයි 2019 11:14

    Latest News