පරාජන්ම සමයේ මරණ අනුපාතය පහළට

මැයි 22, 2019

    ගර්භණී කාලයේ සති 28 න් පසු කුස තුළ මිය යන දරුවන් (මළ දරු උපත් ) සහ උපතින් දින 7 ක් තුළ සිදුවන බිළිඳු මරණ අඩුකිරීම අතින් ශ්‍රී ලංකාව විශිෂ්ට තත්ත්වයක් ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

    මාතෘ සහ ළදරු මරණ අනුපාතයන් ඉතා අවම මට්ටමකට අඩු කළ පසුබිමක, ශ්‍රී ලංකාව පරාජන්ම මරණ වැළක්වීම සෞඛ්‍ය න්‍යාය පත්‍රයේ ඉහළම ස්ථානයකින් තබා කටයුතු කරනු ලබයි.මේ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් පසුගිය සතියේ නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා කියයි.

    ගර්භණී භාවයේ සති 28 සිට ප්‍රසුතියෙන් පසු පළමු දින 7 දක්වා කාලය පරාජන්ම සමය ලෙස සැළකේ.

    මෙම කාලය තුළ සිදුවන මළ දරු උපත් සහ පුර්ව බිළිඳු මරණ, පරාජන්ම මරණ ලෙස ගණනය කරනු ලබයි. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු සිටින සෑම රෝහලක්ම පරාජන්ම මරණ වාර්තා කරන අතර සෑම මසකම පරාජන්ම මරණ විමර්ශණ රැස්වීම් පවත්වා එම මරණ වැලැක්වීම සඳහා ගතයුතු පියවර සාකච්ජා කරනු ලබයි.

    2006 වසරේ දී මෙරටෙහි ඇරඹුණු මෙම ක්‍රමවේදය, ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කරන, කලාපයේ එකම රට ශ්‍රී ලංකාව යි.

    Last modified on බදාදා, 22 මැයි 2019 11:21

    Latest News