'අයිස්' සමග මන්නාරම දී දෙදෙනෙක්ට මාංචු

මැයි 22, 2019

    මන්නාරම, දුම්රියපොළ අසළ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 923ක් සමග සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකළේ මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්. ප්‍රීමස් ප්‍රනාන්දු බෙනඩික් සිමියොන්(35), හා පුෂ්ප රාජ් මේරි සරනියා අල්පොන්ස්(23) යන සැකකරුවන් තලෛයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

    ඔවුන් අද දින (22) මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මන්නාරම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

     

    Last modified on බදාදා, 22 මැයි 2019 10:45

    Latest News