“පාංශු“ චිත්‍රපටය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

මැයි 21, 2019

    ප්‍රංශයේ 07 වැනි නීස් ජාත්‍යන්තර සිනමා උළෙලේ දී පාංශු චිත්‍රපටය සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය.

    ප්‍රවීණ රංගන ශිල්පිණි නීටා ප්‍රනාන්දු මහත්මිය උළෙලේ විදෙස් භාෂිත වෘත්තාන්ත සිනමා පට අංශයේ නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවාය. පාංශු චිත්‍රපටය වීසා කේස චන්ද්‍රසේකරම්ගේ නිර්මාණයක්. නීටා ප්‍රනාන්දු මහත්මිය චිත්‍රපටයේ බබා නෝනා චරිතය නිරූපනය වෙනුවෙන් සම්මාන හිමිකර ගත්තාය.

    එය එහි ප්‍රධාන චරිතයයි. චිත්‍රපටයේ රංග චස්ත්‍රාභරණ නිර්මාණය වෙනුවෙන් කුමාර කරව්දෙණිය සම්මානයට පාත්‍රවිය. ප්‍රනාන්දු මහත්මිය මීට පෙර පවුරු වළලු චිත්‍ර පටයේ රංගනය වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූවාය. උළෙලේ විදෙස් භාසිත වෘතාන්ත සිනමාපට අංශයේ හොඳම තිර රචනය උදෙසා නිර්දේශීය නාම 10 අතරට පාංශු චිත්‍රපටයේ තිර රචක, වීසා කේස චන්ද්‍ර සේකරම් එක්විය.

    Latest News