වෙසක් වෙනුවෙන් විදේශිකයන්ගේ දන්සල (වීඩියෝ)

මැයි 20, 2019

    ජර්මානු ජාතික සංචාරකයන් පිරිසක් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදී වෙසක් උත්සවය සමරමින් සිසිල් බීම දන්සලක් පවත්වා තිබේ.

    දඹුල්ල විහාර හන්දිය තරුණ පිරිස සහ විදේශිකයන් එක්ව මෙය 19 දින සහ 20 දින සංවිධානය කර තිබිණි. ජර්මානු ජාතිකයන් විසින් මේ සඳහා යන වියදම් දරමින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය වැඳපුදා ගෙන නැවත ගම්බිම් බලා යන බැතිමතුන් හට සිසිල් බීම ලබා දීම මෙහිදී සිදු කෙරිණි. මෙහිදී සිසිල් බිම වීදුරුවක් ලබාදෙන විදේශිකයන් සුබ වෙසක් උත්සවයක් යනුවෙන් සැමටම සුභ ප්‍රාර්ථනා කරමින් ලබාදීම සිදුකළහ.


    ජර්මානු ජාතික කාන්තාවක් විසින් කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ විවිධ ගැටුම්කාරී තත්ත්වයක් පැවතුණ ද මේ වන විට රට තුළ සාමකාමී වාතාවරණයක් පැවතීම නිසා ඔවුන්ට වෙසක් මංගල්‍යය සැමරීමට හැකිව තිබෙන බවය. එමෙන් ම විදේශීය රටවල සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසද ඇය ආරාධනාවක්ද කළාය. වාහනවලින් ගමන් කරන අයටද පයින් ගමන් කරන අයටද කහ පැහැති කොඩි පෙන්වමින් වාහන නවතා මෙම සිසිල්බිම පරිත්‍යග කිරීම ඔවුන් විසින්ම සිදු කිරීම විශේෂත්වයකි.

    dan001

    dan002

    dan003

    dan004

    dan005

    dan006

    Last modified on සදුදා, 20 මැයි 2019 16:47

    Latest News