පොහොට්ටුවේ රිස්වාන් නිදහස් කර ගැනීමේ පෙත්සමට ජන විරෝධයක්

මැයි 20, 2019

    වත්තල,මාබෝල ප්‍රදේශයේ දී පසුගියදා සැකපිට අත්අඩංගුවට ගැනුණු, මොහොමඩ් රිස්වාන් මේ වන විට රැඳවුම් නියෝග මත, ප්‍රශ්න කෙරෙන බවයි, වාර්තා වන්නේ.

    ඒ පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන්. සැකකරු මාබෝල,වැලිකඩමුල්ල,ආරච්චිගේවත්ත ප්‍රදේශයට ත්‍රිරෝධ රථ රියදුරෙකු ලෙස පදිංචියට පැමිණ ඇත්තේ මීට වසර 10කට පමණ පෙරයි. මොහු, කෙටි කාලයක් තුළ සුඛෝපභෝගී නිවාස කිහිපයකම හිමිකරුවෙකු වී තිබෙයි. එකම අංකය සහිත වාහන කිහිපයක් ද මොහු සන්තකගේ තිබී සොයා ගැනිණ. සැකකරුට හිතවත් පිරිසක් ඔහු බේරා ගැනීම සඳහා ඊයේ පෙත්සමක් අත්සන් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් දෙපිරිසක් අතර බහින්බස්වීමක් ද හට ගැනිණ. පසුව, පොලීසිය හා නාවික හමුදාවේ මැදිහත් වීමෙන් තත්වය පාලනය කෙරිණ. ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ ඔහු පිළිබඳ අඛණ්ඩ පරීක්ෂණයක් ගෙනයන ලෙසයි. 

    මොහොමඩ් රිස්වාන් පසුගිය පලාත් පාලන ඡන්දයේදි පොදුජන පෙරමුණෙන් වත්තල නගර සභාවට තරග කලේය. මොහු ඉතා කෙටි කාලයක් තුළ කෝටි පතියෙක් භාවට පත්ව තිබෙන බව ප්‍රදේශවාසින් පවසති. මොහුගේ ඥාති සහෝදරයෙකු බව පැවසෙන මොහොමඩ් නව්ෂාඩ් වත්තල නගර සභාවට පොහොට්ටුවෙන්  තරග කර එහි විපක්ෂ නායක ලෙස සිටින අතර ඔහු මේ වන විට රටින් පැන ගොස් ඇති බව වාර්තාවේ.

    Last modified on සදුදා, 20 මැයි 2019 11:48

    Latest News