මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිරීක්ෂණයට (වීඩියෝ)

මැයි 18, 2019

    ඉදිකරමින් පවතින මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාල මණ්ඩපය ඊයේ(17) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ නිරීක්ෂණයට ලක්විය.

    පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ කමිටු සමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ. ආශු මාරසිංහ, රෝහිණි කුමාරි විජේරත්න, එස්. වියාලේන්ද්‍රන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම විශ්වවිද්‍යාල මණ්ඩපය පරික්ෂා කිරීමේ නිරත විය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. එම්. හිස්බුල්ලා මහතා ද මේ අවස්ථාවට එක්විය.

    Last modified on සෙනසුරාදා, 18 මැයි 2019 23:09

    Latest News