ජාතිවාදයෙන් බලය ගන්නා නායකයින් ගැන ඇමති අර්ජුන රටට කියයි

මැයි 16, 2019

    ජාතිවාදය හරහා දේශපාලනය කරන ඉතා අභාග්‍ය සම්පන්න කණ්ඩායමක් රට විනාශ කරන බව ප්‍රවාහන ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

    අන්තවාදී ක්‍රියා මතු කරමින් අවාසනාවන්ත තත්ත්වය මධ්‍යයේ ඇතැමුන් දේශපාලන වාසි ලබා ගැනීමට තැත්කරන බව ඔහු කියා සිටියේය.

    සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    විදේශ රටක මෙවන් තත්ත්වයක් හෝ මීට වඩා දරුණු තත්ත්වයක් ඇතිවුවහොත් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය භේදයකින් තොරව ගැටළුව නිරාකරණය වන තෙක් එකට කටයුතු කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

    ප්‍රවාහන ඇමති ආරජුන රණතුංග මහතා “අපේ රටේ සමහර දේශපාලන නායකයින් මේ අවස්ථාවේ දීත් බැලුවෙ ජාතිවාදය තුළින් හරි ඉදිරියට ගිහිල්ලා බලය අත්කර ගන්න. ඒකයි මේ දේ වුනේ. අපි පහුගිය කාලයේ උත්සහ කළේ මේ රට සාමාන්‍ය තත්වයකට ගේන්න පුළුවන්ද කියලා..නමුත් මට කියන්න කණගාටුයි මේ අන්තවාදීන් පිරිස තරුණයින්ව එකතු කරගෙන ඔවුන්ව මත්පැන්වලටත් අබ්බැහි කරලා මේ විනාශය සිදුකළා..21 වූදේට මේ දේ කරන්න නම් අද වෙනකම් ඉන්න ඕන නැහැ.. එහෙම කරන්න තිබුණෙ පහුගිය කාළේ..නමුත් 13 වැනිදා නැත්නම් 14 වැනිදා මේක ඇති කරන්න මේ පුද්ගලයන්ට පුදුමාකාර අන්දමින් ජාතික ආලයක් මතුවුණා..මේ ජාතිවාදය හරහා දේශපාලනය කරන ඉතාම කාලකණ්ණි කණ්ඩායමක් මේ රට විනාශ කරනවා..

    Last modified on බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 13:20

    Latest News